++++වස්සාන සිහිනය+++
මියැදුනු තාරැන්‍යයට පණ දෙන්න වෙර දරණ
දහදිය කදුල තුරැලු කරගත් දුවිල්ලෙන් ඉපැදුනු තරැණයෙකුගේ කතාව...
****************************** ****************************** **********************
හෙලෝවු..
අහ් ! මේ කාලිංගද?
නැ මං හිතන්නේ වැරදීමක් වෙලා ඔයාට. රොන් නම්බර්..
තෙරැවන් සරණයි !
අනේ ඔහොම ඉන්න පොඩ්ඩක්..
ඒ සවරයෙ තිබ්බ අසරණනකම කට් බටන් එකේ තිබ්බ මගේ ඇගිල්ල අහකට ගන්ට තරම් ප්‍රානවත් උනේ ඇයි කියලා මටවත් හිතාගන්ට බැරි උනා.
අනේ කාලිංග අයියාගේ යාලුවෙක්ද මේ ප්ලිස් මට කියන්න.
ඒ අසරණකම කදුලු කදුලු වලට පෙරලෙන්න ගියේ එක තප්පරයයි
එකපාර මහ කුනාටුවක් ආව වගේ .
තාම කොන්ඩෙන් වතුර බේරෙනවා. ඇග පිහලත් නැ
නැ මං එයාව දන්නැ.
කෙටියෙන්ම උත්තර දුන්නේ හිතට ආව වේදනාව හින්දමයි
එකපාරම බිප් සද්දයක් ආවෙ කට් වෙලා.
මාව මොහොතක් හිටි පිලිමයක් කරන්න ඒ වැරදි අංකයට පුලුවන් උනා.
ආයෙ ආයෙ අතිතයේමයි මේ නොසන්ඩාල හිත කැරකෙන්න හදන්නෙ.
පිස්සුද බං කොහෙද යන කෝල් එකකට උබට ඔච්චර දෙයක් කොරන්ට පුලුවන්ද? මං මටම ඹච්චම් කරගත්තා.
මොනා උනත් මේ හිත ලාමකයි ඒ නිසාමද කොහෙද වැරදි අන්කෙන් හිත ගන්ට ටිකක් වෙලා ගියා.
කැඩිච්ච කන්කාඩිය ඉස්සරහට ගිහින් මුන බලනකොට මුනවල් දෙකක් පේනව
රැවුල වැවිච්චි මුන අතගාලා ඉවරවෙච්චි ක්‍රීම් එක අරන් හූරලා හූරලා ටිකක් අරන් මුනෙ උලාගත්තේ මේ සතියේ තවත් අමතර වියදමක් කියලා හිත හදාගෙනම.
බැග්එක හුරලා හුරලා සල්ලිටික ගනන් කරේ අනේ තුන්සියක් තිබියං තිබියං තිබියං කිය කිය මුමුණ මුමුණ..
රැපියල් 310යි. නිවන් ගියා වගේ.

10ඒ ලොලිපොප් 2ක් ගත්තෑකි.
ලොලිපොප් පුරැද්ද මට අම්මා පුරැදු කලේ මං අවුරැදු 5 වෙනකල් අම්මගෙන් කිරි බිවුවලු. ඒක නතර කරන්න ගියාම ඇගිලි සුප්පු කරන්න පටන් ගත්තලු, ඒකත් නතර කරන්න ලොලිපොප් අරන් දුන්නලු. .ාම ඒ පුරැද්ද එහෙම්මයි.
බිං කරැවල වැටිලා
රැහැයියෝ එකා දෙන්නා කි... ගාන්නේ බෙල්ල මිරිකනව වගේ.
ඉක්මන කරලා දොර වහලා කඩේ දුවන්ට ඔනෙ.
පොළොන්නරැව දවාලටත් පාලුයි රැ වෙනකොට ඒ පාලුව මහ මුසල පාලුවක් වෙනවා.
දොර වහල සෙරෙප්පු කැලි දෙක හොයන්ට ගත්තේ ෆෝන් එකේ එලියෙන්.
කො මගේ පරම්පරා සෙරෙප්පු කුට්ටම. බොහොම අමාරැවෙන් පංසල් ගියත් තැන් දෙකක ගලවන්නේ .
අන්තිමේ ආයෙ දොර ඇරලා දොර මුල්ලෙන් ඒක අරන් පාලුව අතරෙ සාක්කු දෙකට අත් දෙක දාගෙන කඩේ පැත්තෙ ගෑටුවේ තරැ එලිය පාර පෙන්නනවා වගේ.
දැන් පොළොන්නරැව කොළබ වගේ. විදි ලාම්පු හැමතැනම
ඈත බැලුවාම එක යායට තොරණවගේ
එක තප්පරයක් ඈත අහස දිහා බලන් ඉන්න හිත නං කියන්නෙ
කන්ට හාල් නැ රැට . අඩිය ඉක්මක් කලේ ඔනවාට එපාවට. හාල් කිලෝ එක අරන් ආවාම දවස් ගනන් කනවා ඇයි හාල් හුන්ඩුවයිනේ ලිපේ තියන්නේ.
හාල් කිලෝ එකයි පරිප්පු දෙසියයි නයිමිරිස් සීයයි මල්ලට දානකොට කඩේ කෙල්ල මංදිහා බැලුවෙ මහ අමුතුම විදියට. පරිප්පු හොද්දට නයිමිරිස් කපලා දැම්මාම පුදුම රසයි. ඒක පුරැදු උනේ අම්මගෙන් හැබැයි එයා උයන පරිප්පුවට ගහන්න කාටවත් බැ.
කෙල්ලව ගනන් නෙගෛනම පාරට බැස්සෙ දාහක් දේ හිත හිත.
හෝන් ගහගෙන ස්කුටි යනවා ආසාවේ බැ. කොල්ලෝ රන්චු පිටින් බයික් වල යන්නේ. නොලැබිම් දාහක් ළග මට ජීවිතේ කියන ලැබිම ලැබිලා.
ඩිග්රිය ගත්තු ගමන් මාත් වාහනයක් ගන්නව.
එකට එකක් නොගැලපෙන සිතුවිලි දාහක් එක්ක දන්නෙම නැතුව කාමරේටම ඇවිත්............
ඔහ් ! ශිට්.. ආයෙ පලයංකෝ ලුණු ගේන්ට.
මොන ලුණුද ඔන්න ඔහේ උයනවා මංමමනේ කන්නේ .හිත හදං පරිප්පුව පෙගෙන්ට දාලා හාල් හුන්ඩුව ලිපේ තිබ්බා.
හැමදාම නැන්දගෙන් උදේට කන්න බැනේ. එයාලා මොනා නොහිතයිද ඒ හින්දමයි රැට උයන්නේ උදේටත් කන්න ඒකම.
ඉස්සර හූනෙක් චුක් චුක් කිවුවත් බය වෙලා අම්මාගේ සායෙ වෙලෙන මං දැන් කාත් කවුරත් නැති පලාතක තනියම ඉන්න වා . කාලය කොච්චරනම් සරදම් කරලද මට.
කැමටික කාලා තරැ ගනින්ට උඩතට්ටුවට නැංග
දිව්‍යා දන්නවද දෙයක්..
දන්නවා දන්නවා... ඔයා ඔය කියන්න යන්නේ මං අද ලස්සනයි කියලනේ...
අනේ මේ පන්ඩිත ආච්චි කට පියන් ඉන්නවද පොල්ල නොදා කියනකල්..
අපෝ මේ රන්ඩු කෙක්ක.... හා හා කියන්නකෝ.
අර ඇතින් වැටෙන උල්කා ද මොනාද ලස්සනයි නේද
හ්ම්...
අර ... අර ... දැක්කද ඒක... ඒ වැටෙන වෙලේට ප්‍රාර්ථනාවක් කලොත් ඒක හරියනවලු.
ඉතින් සුදු මාත්තයෝ කලාද ප්‍රාර්ථනාවක්.
හ්ම් කලා...
මේ පන්ඩිත ආච්චි මගේම වෙන්න කියලා...
ඇස් දෙකෙන් කදුලක් රෑරලා ආවේ හුග කාලෙකින්. මං හිතුවේ කදුලු හිදිලා කියලා. දානයක් දෙන්ට ඔනේ එයා වෙනුවෙන් . අට පිරිකරක් පූජා කරලා .
කාමරේට ආවත් නිදි දෙවුදුව අහලකවත් නැනේ.

රැ 11කනිසම පරණ ඔරලෝසුවේ වැදුනේ දැන් ඇති නිදාගනින් කිවුවා වගේ.
****************************** ****************************** ****************************** *****************************
පාරෙ යන්නේ අවසිහියෙන්ද යකෝ !
අනූනමයෙන් ජීප් රියේ නොවැදි බේරැනේ පෙර පිනකින්ද වෙන්ටැති.
මං ජීප්කාරයාගේ කතාව නෑහුනා වගේ අඩිය ඉක්මන් කලේ මාම පරක්කු වෙනවට ටිකක්වත් අකමැති හින්ද
උදේට ඉස්කෝලෙ ඉස්සරහා කඩි ගුලක් වගේ. පුදුම සෙනගක්
මගේ ඉස්කෝලේ ගමන නැවතුනේ 10 වසරෙන්. ඒත් මං අනාගත්තෙ නැ සා.පෙ පාස් උනා තනියම පාඩම් කරල. උ.පෙ ඒච්චරම හොදට ගොඩගියේ නැ ක්ලාස් යන්න තරම් වත්කමක් තනියම හොයන්ට බැරි හින්දමත් නෙමෙයි ඉන්න තැනකින් කියක් හරි ඉතිරි කරලා ගෙදෙට්ට යවන්ට ඔනෙ හින්ද.
තොහොමහරි විශ්ව විද්‍යාල හිනේ බොද උනත් තාම උපාධි හීනේ තියෙනව.
තව වස්සාන තුනකින් පස්සේ මගේ වස්සාන හිනේ හැබැ වෙනවා. මාත් උපාධි කාරයෙක්. ගමට යන්නේ ලෝකෙම යටත් කරගෙන අගනුවරට යන කුමාරයෙක් වගේ.
මේ ගෙවෙන්නෙත් වස්සාන කාලේ. වස්සානතාලේ එනකල් බලන් ඉන්නේ පුදුම ආසවෙන්. පංසලේ උදේ හවා පිරිත් ඇහෙන්නේ.
අතේ ඉතිරි රැපියල් 5ක් පාර අයිනේ හිගන්නා අතේ තිබ්බාම මං දිහා බැලුවේ පුදුම අවඥඥාවෙන්. අනික් පැත්තට හොදවයින් දෙකක් කියන්ටත් හදලා හිත අමාරැවෙන් පාලනේ කරගත්තේ කමක්නැ පින මටනේ කියල.
දවසක් හාමුදුරැවෝ බණටත් දේශණා කලා මතකයි පොඩි දේ උනත් හිත සතුටින් දෙන්න කියල. ඔය ගොඩක් අය නිවන් ගියේ රට රාජ්‍ය දන් දිලයැයි !
අද වැඩ පොලේ දෙවෙනි දවස. පයින්ම වැඩපොලට ආවෙ වෙනසකටත් එක්කම. තට්ට තනියම ඉන්න මට මේහෙම හරි මිනිස්සු එක්ක ඉන්න එක මහ මෙරක්.
ආ.. කොලුවෝ උබට මං කැමති උබ වෙලාවට වැඩ කොරනවා දැන් බලාපං අනික් උන් තව නැනෙ.
ඒ බාස් මාමා
මං මොකුත්ම කිවුවේ නැ හිනා උනා.
ආ එහෙනං ආවුද අරන් ලැස්ති උනානං අදත් මේ ඉතුරැ ලි ටික තමා ගාන්ට වෙනනේ.
ඊයෙ නැන්දා මං කලු වෙලා කිවුවාම අද ඇදන් ආවේ අත් දිග ටී එක.
ඊයෙ නැන්දා මං කලු වෙලා කිවුවාම අද ඇදන් ආවේ අත් දිග ටී එක.
ඉදිකොළ තොප්පිය දාගත්තාම කන් දෙකේ ඉදන් වැහෙනව.
උදේ වරැවම ලීත් එක්ක ඔටුටුවෙලා දවල් කැම එක කන්ට කියල ටී එක ගසෑරල අතකට හෝදා ගත්තා. නෙළුම් කොලේ බත් එක පුදුම රසක්
දැන් ඔය ළමයා මේ රස්සාවමද කරන්න හිතාන් ඉන්නෙ?
ග්‍රාමසේවක නෝනා ඇහුවේ කෙලින්ම මං දිහා බලාන.
බත්කට කන්ට කට ගාවටම අරන් ආයෙම පිගානට දාලා නෑ ඇන්ටි මං ඩිග්රිය කරනවා ජ.පුරෙන් හෙන හිතින් කිවුවෙ.
ආ... මාත් ජ.පුර පාස් අවුට්...
මං කෙරැවේ බී කොම් එක. කොාහම හරි කමක් නැ ඒක කරගන්ට අනික ඔය ළමයට අනාගතයක් කියලත් තියෙන්ට එපැයි..
ඇන්ටි එහෙම කියනකොට හුස්මකුත් එක්කම හ්ම්.... කියවුනේ ඉබෙිටම.
අද ගෝලයොන්ගෙන් ආවේ දෙන්නයි.
සිරිපාල ටිකක් වයසයි. ජගත්අවුරැදු 30 විතර කෙනෙක්. කැම පැය කියන්නේ දෙන්නා සෙට් වෙන වෙලාව පැත්තකට ගිහින් බීඩියක් උර උර හෑලි කියෝනව.
ගෙට එයා පැත්තේ වැව් තාවුල්ල පුදුම ලස්සනක්. තාම වැහි ආවෙ නැ වැව බාගෙට හිදිලා වැව හිදෙනව කියන්නේ කොකකුන්ට රජ මගුල්. මුවෝ ගෝන්නු නම් මේ වෙලේට එලියට බහින්නැ. ඒත් ඈත මොණරැ රන්චුවක්නම් පෙම් කෙලිනව.
මොනරත් සමාර මිනිස්සු වගේ පුදුම ලස්සනක් ලෝකෙට පෙන්නන්නේ ඒත් ඇත්තම රෑපෙ පුදුම කැතක්. පිල් විදාන ඌ කැරකෙනකොට ඒක හොදටම පේනව.
වැවේ නෙළුම් කොළ වතුරෙන් උඩටම ඇවිත් තියෙන්නේ හරියට කන්ට නැතුව කෑම ඉල්ලන මිනිස්සු ටිකක් පිගං අල්ලන් ඉන්නව වගේ අත දික් කරන්. වැවු තාවුල්ලේ ඇස් දෙක ඉබේටම පියවෙන්න ගත්තේ අමුතුම සැහැල්ලුවකින්. දැන් නිදන්ට වෙලාවක්යැයි. මං මටම කියාගත්තේ දිග හුස්මක් ගන්න ගමන්.
අනිද්දා ක්ලාස් .
අනිද්දට ක්ලාස් පිස් ගෙවන්ට ඔනෙ දෙදාහක්. අද වැඩ කරපුවාම ඒක හරි. හෙටත් වැඩ කරන්ට ඔනෙ. එතකොට බස් වියදම හරි. ශිට් ක්‍රීම් එකත් ඉවරයිනේ. කමක් නැ ක්‍රීම් නැ කියල මැරැනවායැයි.
ගහ කොළ හෙලවෙනව වගේ හිතත් හෙලවෙන අපූරැව.
වේලිච්චි හුලං රැල්ල වැදිලා තොල් දෙක තවත් වේලුනා. තොල් දෙක දිවෙන් පොගවන ගමන් නැගිට ගත්තේ කැම පැය ඉවර හින්දමයි නැත්තං මේ හිත එතනින් ගන්ට වෙන්නෙම නැ.
ණයට ගත් ජීවිතයක අරැත සොයාගෙන යන ගමනේ පියවරක අවසානය
ආයෙත් එනවා.... :)******************************