++++වස්සාන සිහිනය+++
මියැදුනු තාරැන්‍යයට පණ දෙන්න වෙර දරණ
දහදිය කදුල තුරැලු කරගත් දුවිල්ලෙන් ඉපැදුනු තරැණයෙකුගේ කතාව...
******************************
මොරගෙඩි තරම් වැහි බිංදු බෙලෙක් වහලේ හොල්ලන්ට ගත්තා.
මුසල පාලුව අරක්ගත්තු කාමරේ යටලීය දිහා බලාගෙන කල්පනාවට වැටුනේ
අරමුණක් නැති ජීවිතේ ඉමක් කොනක් හොයන්න හිතං.
අම්මා අප්පච්චි සහෝදරයෝ කාත් කවුරැත් නැති මට මොන ජීවිතද
එකපාරම හිතෙනවා.
ආයෙම හිතෙනවා නැ මං පවුල ගොඩ දාන්න ඔනෙ.
ජිවිතේ කොනක ඉදන් ආයෙ පටන් ගන්න ඔනෙ.
එහෙම හිතං කාමරෙං එලියට ආවා. ආයෙ ආදරේ කියන වරද ජීවිතේට පටලවා ගන්නැ මං මටම මුමුණාගත්තා.
වැස්ස පායලා .
ආයෙම කාමරේටම ගිහින් අත් දිග ටීඑකක් දාගෙන එලියට බැස්සේ ජොබක් සෙට් කරගන්ට හිතාන.
පාර දිගේම වඩු මඩුවට කකුල් ගියේ ඉබේටමද කොහෙද.
මාමේ වැඩ වගේ?
ආ .. ජනිදු පුතා මේ උලුවහු ටිකක වැඩ තිබ්බා ඒක කොලා මොකද අවේලාවේ?
නෑ මාමේ වැඩක් එහෙම තියෙයිද බලන්න ආවේ.
ආ.. ඒක හොදා නිකරැනේ කාලෙ කන එකේ. වහලයක් බාර ගත්තා ගිරාම සේවක මහත්තයාගේ වරෙන් වැඩට හෙට ඉදන්ම මං වැඩ
පිං මාමේ.! හැමදාම නිකන් ඉදලත් බැ ගෙදෙට්ට කියක් හරි යවන්ටත් ඔනේ.
අනික ආයෙම උපාධිය ගන්න කියලා මාමේ ලෑස්තිය.
වියදමුත් වැඩි කෝ ඉතින් පවුලේ කියලා නැනේ කවුරැත් ...
ආ ඒක හොදා තමං තමං ගැන පොඩි කාලේ ඉදන් බලාගන්ට පුරැදු වෙන එක.
මං හම් කිවුවේ කල්පනාවකින්මත් නෙමෙයි.
මාමේ මං යනවා.
හා පුතේ හෙට ඉදන් වරෙන්කෝ මං පොලොවේ වැඩ ටිකක් දෙන්නම් උබට.
නැ නැ මට පුලුවන් මාමට කැමති වැඩක් දෙන්ටකෝ කියාන කාමරෙට එන්ට ආවේ රැට ඉවුවේ නැත්නම් අදත් බඩගින්නේ කියලා හිත හිතා.
***
රසට කියලා උයන්ට මට උවමනාවක් තිබුනම නැ ඒත් තිබ්බොටු මාලුව ඇත්තටම රසයි කියලා හිතුනා. කාලා ඇදට වැටුනේ ටිවි එක බලන්ට. තනියම ඉන්න කාමර කැල්ලේ මහ ලොකු ඉඩක් නැ ඉතින්.
බලන්ට දේකුත් නැති තරම් එහේට මෙහේට කැරකෙවුවා විතරයි. වහලා දාලා නිදන්ට කලින් තරැ බලන්ට ඔනෙ කියලා හිතං ආයෙම දොර ඇරන් එලියට ආවා.
හම්මේ ඉතිං ඉස්සර වගේමයි. පරන මතකයන් තරැවක් තරැවක් ගා නේ ලියවිලාද කියලත් හිතෙනවා.
ජනිදු පේනවද අර ඈත අහසේ තරැ රටාව?
ඒකාලේ හුරතල් හඩින් සංඥා කුලුණු හරහා ආව ඒ සද්දේ තාමත් දෝංකාර දෙනවා කියලා දැනෙනවා.
කෝ බලන්න මට පේන්නේ නැනේ.
ඇයි මහත්තයෝ අර පේන්නේ ....
දව්‍යා කෝමද මට තරැ පේන්නේ මං ඇදේනේ ඉන්නනේ..
මහා හොදනැ ඹයානම්... එතකොට මං තනියමද මේ තරැ ගනින්නේ?
නැ නැ රත්තරනේ.... මේ මං ඉන්නවා හිතුවද මං හිනෙන්වත් තනි කරයි කියලා මගේ රත්තරන්ව...
ඒ පෙම්බස් මිලින උනේ අවුරැදු ගානකට කලින්. පුරැදු මුසල තනිකම ආයෙම ලේවල ඉදන් අරක්ගෙන මේ ජීවිතේට.
තනියම හිත හිතා කාමරේට ආවේ හෙට ඉදන් ආයෙ වැඩ නේද කියල මතක් වෙලා.
******************************
පුතේ උබ කාලද ඇ ?
ඒ බාස් මාමා.
ඹවු මාමේ ඊයෙ රෑට මං ඉවුවා හිල් බත් තිබ්බා කැවා උදේ.
නැත්තං අපේ එක්කෙනාට කියන්නද බත් එකක් බෙදන්ට කියල බඩගින්නේ බැ නෙව වැඩ කොරන්ට.
මාමා කියන්නේ ඇත්ත පොලොන්නරැවට ලේසි පාසු අවුවක් නෙමෙයි වැටෙන්නේ. අවුවේ වහලයක් උඩ ඉන්න එක සැපක්යැයි.
අනික නැන්දා මට සලකන්නේ එයාගෙම පුතාට වගේ .
මං නැන්දගෙන් ඉල්ලා ගන්නම කියාන ගෙට ගොඩ උනා.
මයෙ පුතා මෙහේ ඓනකොට කොච්චර පාටට හිදියද. දැං අවුවේ ඉදලමද කොහෙද කරවෙලා හම. කියාගෙන බත් එක බෙදලා අතටම දිපු නැන්දා ඔලුවත් අත ගැවා. මං ඇස් දෙක පියාය ඒ ආදරේ වින්දේ මගේම අම්මා කියලා හිතං.
අම්ම ඉදියනම් ...
බත් එක එක හුස්මට ගිල්ලේ ඇත්තටම උදේට කැවෙ නැති නිසා...
මාමගේ විල් එකේ වැඩ පොලට ආවා.
දැන් ඉතින් ගහපංකෝ වහලේ.
බාස් මාමාට තව ගොලයෝ හතරක් ඉන්නවා
හා හා පුරා කියල වැඩ පටන් ගත්තේ පුදුම හැගීමෙන්. ඇයි හැන්දැවට පඩිය අතේ...
දවස ගෙවුනේ පුදුම හෙමින්. දාදිය ,දුවිල්ල, ලීකුඩු මේවා අරැමයක් නෙමෙයි දැන් මට.
හැන්දැවේ තේ වෙලාව. කිබුලා බනිසුයි රනවරයි ගෙනැත් ග්‍රාමසේවක නෝනා.
කිබුලා බනිස් දැක්ක ගමන් ආයෙම මං ගියෙ මැරිච්ච අතිතෙට
අප්පච්චි හැන්දැවට ගේන පාර්සලේ ගන්ට අය්යයි මායි පොර කනවා ඒ කාලේ.
හා හා කල්පනාව මගැරලා මේක කාලා ඉදාං හවස් වරැවේ මේ ලී ටික ගාලා ඉවර කොරන්ට ඕනි වැහිකාලෙ එන්නේ ඉස්සරහට.
මට ආයෙ කියන්ට තියන්ටෙපා උබ වැඩ කොරනකොටත් සිහියෙන් නෙමෙයි. මේලෝකෙ ඉදන් වැඩ කරපන් ! මේ මැසින් වලට හිතක් පපුවක් නැ .. අතපය කපාන ආයෙ දෙයක් ඊලගට !
මාමාගේ ගෝරනාඩුවට කල්පනාව කොහෙන් ගියාද මංදා ඉද්ද ගැහුව වාගේ පියැවි සිහියට ආවෙ.
මාමගේ පුරැද්ද හැන්දැවෙ 6 වෙනකල් වැඩ කරන එක.
නොමැරි මැරැනා ඒක ඉතින් හැමදාම වෙනදේනේ ගානක් නැ පඩිය මතක් වෙද්දි හැමදේම අමතකයි.
හැන්දැවෙ රැපියල් දාහා අතට දෙන්න හදද්දි මං එපා මාමෙ ඔකයි වැඩකරපුවාගෙ සල්ලියි සිකුරාදට දෙන්න කිවුවේ ක්ලාස් පිස් ලබන සතියෙ දෙන්ට ඔනේ හින්ද මිසක් සල්ලි අතේ තිබ්බි හින්දම නෙමෙයි
හිස් කල්පනාවෙන් පයින්ම කාමරේට ආව.
ඉන්න බැ ඇග රිදෙනවා දවස් ගානකින් වැඩ කලේ.
නානකාමරේ ෂවර් එක ඇරලා ඒකට ඔලුව අල්ලන් බිම ඉදගත්තේ මහන්සියටම නෙමෙයි පුරැද්දට.
නාගෙන කාමරේඑ දිවුවේ පාලුවට ගියපු ෆෝන් කට්ට කැගහන සද්දෙට.
නන්නාදුනන අංකයක්.
හෙලෝ...!
..............................
ණයට ගත් ජීවිතයක අරැත සොයාගෙන යන ගමනේ පියවරක අවසානය
ආයෙත් එනවා.... :)******************************


No comments:
Post a Comment